• නම: නියඟලා
  • විද්‍යාත්මක නම: Gloriosa superba L.
  • පවුල: LILIACEAE
  • සමාන පද: සාරිණි, අනන්තා, වියසලා
  • ඉංග්‍රීසි නම: superb lily
  • දෙමළ නම: අන්කිනිචිලම්
  • සංස්කෘත නම: කාලිකාරී
  • භාවිතා කළ හැකි කොටස්: නියගලා අල
  • උප විශේෂ:
  • දෝෂ කර්ම: කඵ වාත ශාමකයි.
  • ගුණ කර්ම: රස _ කටුක,තික්ත ගුණ- ලඝු, තීක්ෂ්ණ විපාක - කටු වීර්යය - උෂ්ණ ප්‍රභාව - ගර්භපාතන
  • රසායනික ගුණ: නියඟලා අලයෙහි colchicine හා toxic alkaloid අඩංගු වේ.
  • චිකිත්සක භාවිතයන්: බාහිරින් පමණක් යෙදේ. ක්‍රිමි, ගර්භාෂ සංකෝචක, සර්ප විෂ, කීට විෂ ආදීයේ යෙදේ
  • වෙනත් භාවිතයන්: අත් බෙහෙතක් ලෙස
වෙනත් විස්තර:
අඩි 5-10 ක් පමණ දිගට ආධාරකයක එතී වැඩෙන ලතාවකි. කඳ අකාෂ්ඨීය වේ. භූගත කඳ මාංසල රෛසෝමයකි. සුදු පැහැතියි. පත්‍ර අග්‍රය පහුරු ලෙස විකරණය වී ඇත. පත්‍රය දිගටි ලංසාකාර හැඩති වන අතර පත්‍ර අග්‍රයට යත්ම ක්‍රමයෙන් සිහින් වේ. පත්‍ර සිනිඳුයි.දිලිසෙන සුළුයි. පත්‍රෙය් දිග සෙ.මී.6-12 පමණ වේ. නිල් කොළපැහැයෙන් යුක්තයි. මැද නාරටිය පැහැදිලිය. පුෂ්ප ඉතා විචිත්‍රවත් වන අතර රැලි සහිතය. රේණු පැහැදිලිය. තද රතු කහ පැහැයෙන් යුක්ත වේ. ඵලය ලෙගියුමයකි. ඒ තුල බීජ රාශියක් පිහිටයි.